brand logo

එක්සත් රාජධානියට සිලෝන් ටී හා අත්වැසුම් ලංකාවෙන්

30 May 2020

එක්සත් රාජධානියේ කොවිඩ් -19 මර්දනයට දායකත්වය ලබාදෙන සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ‘සිලෝන් ටී’ සන්නාමය යටතේ තේ තොගයක් සහ වරක් භාවිත කර ඉවත දැමිය හැකි අත්වැසුම් තොගයක් ශ්‍රී ලංකාව විසින් පරිත්‍යාග කර ඇත. පසුගිය මැයි 21 වැනිදාට යෙදුණු අන්තර්ජාතික තේ දිනයට සමගාමීව මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙනි. මෙරට ප්‍රමුඛ තේ නිෂ්පාදකයන් වන වින්වේජ්, ඉන්ග්ලීස් ටී ෂොප්, ටී ට්‍රෙන්ඩ්ස්, ඩිල්මා, ට්ලෙත්නා සහ ස්ටැසන් යන ආයතන විසින් තේ පරිත්‍යාග කර ඇත. අත්වැසුම් තොගය පරිත්‍යාග කර ඇත්තේ හේලීස් සමූහ ව්‍යාපාරය විසිනි. මෙම පරිත්‍යාග එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කෙන්ටින් මෙඩ්වේ ග්ලෝවේස්ටෝ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත භාරදී ඇත. ඊට අමතරව ලන්ඩනයේ විශාලතම සෞඛ්‍ය භාරය වන ‘නැයිටින්ගේල් ලන්ඩන්හාස්’ ඇතුළු හවුල්කාර රෝහල් 6ක් වෙතද මෙම පරිත්‍යාග යොමුකර තිබේ. සංකේතාත්මකව භාණ්ඩ තොගය පරිත්‍යාග කිරීම එරට පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ එක්සත් රාජධානියේ කාර්යාල නියෝජනය කරමින් සහභාගි වූ විම්බලන්ඩන් අහමඩ් සාමිවරයා වෙත සිදුකරන ලදී.   නයන තරංග ගමගේ
 

More News..