brand logo

එක්සත් ජාතික පක්ෂයට එන ඩිජිටල් සාමාජිකයෝ (වීඩියෝ)

21 October 2021

කවුරු බලයට ආවත් වෙනස් කරන්න බැරි ප්‍රතිපත්තියක් ගැන රනිල් කියයි

පවතින දේශපාලන ව්‍යාපාර වලින් හෙට රට දකින, හෙට රට හදන එකම දේශපාලන බලවේගය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි. හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (20) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී නව සාමාජිකයින් බඳවා ගැනීම සඳහා වූ ප්‍රවර්ධන වැඩසටහනේදීය.

එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමියා වූ මහාමාන්‍ය ඩී. ඇස් . සේනානයකයන්ගේ 135 වැනි ජන්ම දිනයට සමගාමීව පැවැත් වූ මෙම ප්‍රවර්ධන වැඩ සටහනේදී පක්ෂ සාමාජිකයින්ට ඩිජිටල් හැදුනුම් පත ලබා දීම සිදු වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ පැවසුවේ තම පක්ෂය එක මන්ත්‍රීවරයෙක් දක්වා පරාජයකට ලක් වුවද හෙට දකින පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට අද ඔප්පු වී ඇති බවයි. මෙහිදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසා සිටියේ ජාතිවාදය අලෙවි කර බලයට පත් වූ වර්තමාන ආණ්ඩුව රට විනාශ කරන බවයි. එදා වැඩ කරන විරුවා ලෙස ප්‍රකට කළ වත්මන් ජනාධිපතිවරයා අද වැඩි කරන විරුවා බවට පත් වී ඇති බව කී නියෝජ්‍ය නායකවරයා මේ රට නැවතත් සියලු ජාතීන් සමග කරන ඩී. ඇස්. යුගයක් කරා ගෙන යායුතු බව අවධාරණය කළේය. පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසා සිටියේ දිනෙන් දින උත්සන්න වන ආර්ථික පරිහානිය හමුවේ රටට වැඩක් කළ හැකි විශාල පිරිසක් රට හැර යන බවයි. ඉන්න හිතෙන රටක් හදා ගන්න සිහින දැක්ක තරුණයින්ට අද ඉන්න හිටින්න තැනක් නැති වී ඇති බව උපනායක වරයා වැඩි දුරටත් පවසා සිටියා. https://youtu.be/SEhSyi2m2ms
 

More News..