brand logo

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

09 July 2020

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (09) දින අලුයම මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම පිරිස ඩුබායි සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 6.05ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් බවට තොරතුරු වාර්තා වන අතර මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
 

More News..