brand logo

එක්දින පිටියේ හොඳම පිතිකරුවා ගැන රොස් ටේලර් හෙළිකරයි

22 January 2019

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ හොදම පිතිකරුවා ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි බව නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩක රොස් ටේලර් පවසනවා. ඔහුමේ බව සදහන් කර තිබෙන්නේ හෙට (23) සිට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විරාට් කෝලි හොදම ක්‍රීඩකයා ලෙස නම් කළත් නවසීලන්ත පිලේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වෙත බවද ටේලර් පවසනවා. රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන්ගේ පන්දුවට පහරදීමේ විලාසය ගැන දැඩි විමසිල්ලෙන් පසුවන බවද රොස් ටේලර් සදහන් කරනවා. විරාට් කෝලි ඉතාමත් දක්ෂත පිතිකරුවෙක් වන අතර, ඔහු ඉතාමත් කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර එක්දින පිටියේ කැපී පෙනන තරුවක් බවට පත්වූ බවද ටේලර් පවසනවා. රොස් ටේලර් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන සිටින දෙවැනි පිතිකරුවා ද වනවා. ටේලර්ට ඉහළින් සිටින්නේ නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ස්ටෙපන් ෆ්ලමින්ය. 2018 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව රොස් ටේලර් එක්දින තරගාවලියේදී ලකුණු 353ක් ලබාගැනීමට සමත් වුණා. ඉන්දියාව සහ නවසීලන්තය අතර එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි.
 

More News..