brand logo

එකම බෝඩිමේ 17දෙනෙකුට කොරෝනා

19 November 2020

කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සඳහන් කළේ මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලුදෙනා ඒ තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ පසුබිමක බවයි. එම නේවාසිකාගාරයේ කොවිඩ් ආසාදනය වූ 17දෙනා ඇතුළුව 57දෙනෙකු රැඳී සිට තිබේ. ඔවුන් අතර වැඩි පිරිසක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් බව ද සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සදහන් කළේය.
 

More News..