brand logo

එකම පවුලේ 11දෙනෙකුට කොවිඩ්

11 June 2021

හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඉඹුල හන්දිය ප්‍රදේශයේ එකම නිවසේ එකොළොස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. එම නිවසේ ආච්චි සීයා මව පියා ඇතුළු දරු මුණුබුරන් පිරිසක් මෙසේ රෝගයට ගොදුරු වී ඇති බව හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ වී සුරවීර මහතා සඳහන් කරයි. හඳුනා ගත් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර හැරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කරන බව ඒ මහතා සඳහන් කරයි.
 

More News..