brand logo

එකම පවුලේ සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි

23 November 2020

නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයේ අද (23) දිනයේ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු හදුනාගෙන තිබේ. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා සදහන් කළේ එම ආසාදිතයින් අතර එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ද වන බවයි. ඒ එම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙ‌නාට වේ. මොවුන් පිරිසට කොවිඩ් ආසාදනය වී ඇත්තේ දීපාවලි උත්සවය වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ සිට ඔවුන්ගේ නිවසට පැමිණි ඥාතීන් පිරිසකගෙන් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත. මේ අතර කොළඹ ප්‍රදේශයේ කරණවෑමියෙකු ලෙස සේවය කළ අයෙකු ද දීපාවලි උත්සවය සදහා කොටගල ප්‍රදේශයට පැමිණ ඇති අතර, එම පුද්ගලයාට ද කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු විය. එම පුද්ගලයාගේ වයස අවුරුදු 02ක් වන කුඩා දරුවාට ද වෛරසය ආසාදනය වී ඇත. මේ අතර කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත තවත් පුද්ගලයෙකු දීපාවලි උත්සවය වෙනුවෙන් හැටන් ස්ටැඩන් වතුයායට පැමිණීමෙන් පසු ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.
 

More News..