brand logo

එකම පවුලේ සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

03 November 2020

එකම පවුලේ සිව්දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමේ පුවතක් හපුතලේ, කොස්ලන්ද, කොළොන්ගස්තැන්න ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස වෛරසය ආසාදනය වූ අය අතර දින 11ක් පමණ වයසැති බිළිදියක් ද වේ. මීට අමතරව ඇගේ මව, පියා සහ මිත්තණියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඔවුන් සියලුදෙනා කොළඹ IDH රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. මෙම බිළිඳියගේ සීයා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ මාළු වෙළෙන්දෙනකු වන අතර, ඔහුද මීට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණි.
 

More News..