brand logo

එකම පවුලේ පස්දෙනෙකුට කොරෝනා

07 November 2020

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි එකම පවුලේ පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු විය. එම පවුලේ පියා මසුන් ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකු ලෙස කටයුතු කරන අතර, ඔහුට මුලින්ම කොරෝනා ආසාදනය වී තිබේ. ඔහු රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු නිරෝධායනයවෙමින් සිටි ඔහුගේ දරුවෙක් කොවිඩ් ලක්ෂණ පෙන්වා ඇත. මේ හේතුවෙන් එම පවුලේ අනෙකුත් සියලුම සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ. එහිදී ඔවුන් සියලුදෙනා කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා ද මේ වන විට රෝහල් ගත කර ඇත.
 

More News..