brand logo

එකම දිනයක සියලු පළාත් සභා ඡන්ද පවත්වනවා - අමාත්‍ය වජිර

22 December 2018

"පසුගිය පාලන කාලවල දී රාජ්‍ය බලය යොදා මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් වරින් වර එක් එක් පළාත් සභාව වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කරලා හැකි ඉක්මණින් යොදා ගන්නා දිනයක එකවර සියලුම පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා " යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය. ''පසුගිය දා සිදුවීම හේතුවෙන් වර්තමානයේ ගමේ කඩපිලේ තැඹිලි විකුණන පුද්ගලයා පවා ව්‍යවස්ථාවේ සඳහන් කරුණු ගැන අවබෝධයකින් සිටින බවයි. මෙය ඉතා හොඳ තත්ත්වයක් බව ද අමාත්‍යවරයා කීවේය.  
 

More News..