brand logo

එකතු වුණේ මෛත්‍රී එක්ක නෙමෙයි නිදහස් පක්ෂය සමගයි

18 February 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව නව සන්ධානයක් ගොඩ නැගිමේ ගෞරවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. විවිධ මත දරමින් සිටි පක්ෂ දෙකේ පිරිස් එක් මතයකට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතාට හැකිවු බවයි අනුර යාපා මහතා සඳහන් කළේ. කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය කාලයේ සිදුවු වැරදි අමතක කර මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතුවුයේ කෙසේදැයි මාධ්‍යවේදින් මෙහිදී අනුර යාපා මහතාගෙන් විමසුව. එහිදී රාජ්‍ය අමාත්‍ය අනුර යාපා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වුයේ මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බවයි.
 

More News..