brand logo

එංගලන්ත ශී‍්‍ර ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය අදයි

17 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය සදහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. තෙවැනි දිනට ඊයේ (16) දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියා. එංගලන්තය දෙවැනි ඉනිම සදහා කඩුළු 9ක් දැවී ලකුණු 324ක් ලබාගෙන සිටියා. ජෝයි රූට් ලකුණු 124ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අකිල ධනංජය කඩුළු 6ක් දවාගත්තා. එංගලන්තය පළමු ඉනිම සදහා ලකුණු 290ක් ලබාගත් අතර, ශී‍්‍ර ලංකා පිල පිළිතුරු පළමු ඉනිම සදහා ලකුණු 336ක් ලබාගැනීමට සමත් වුණා.
 

More News..