brand logo

එංගලන්ත ක්‍රීඩකයන් සිටින හෝටලේ දෙදෙනෙක්ට කොවිඩ්

15 January 2021

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින ගාල්ල, දඩල්ලේ පිහිටි සුපිරි සංචාරක හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ. මෙම හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔවුන් රත්ගම, කපුමුල්ල සහ වැලිගම, වල්ලිවල පදිංචිකරුවන් බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙලෙස වයිරසය ආසාදනය වී ඇති සේවකයන් දෙදෙනා කිසිම අවස්ථාවක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ අය බව හෝටල් පරිපාලනය සඳහන් කර ඇති බව වාර්තා වේ. එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ හෝටලයේ සේවක පිරිසට ඊයේ (14) සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණයේදී ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වී ඇත.
 

More News..