brand logo

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

03 March 2020

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගිවීම සදහායි. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සදහන් කළේ ඉතිහාඩ් ගුවන් සේවයට අයත් ඊ වයි 264 දරණ ගුවන් යානයෙන් අද පස්වරු 2.35ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට එංගලන්ත කණ්ඩායම පැමිණීමට නියමිත බවයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර, ඉන් පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, දෙවන තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
 

More News..