brand logo

එංගලන්ත කසල කන්ටේනරයේ අතුරු තහනම ඉවත් කිරීම ගැන තීන්දුව මාර්තු 04 වෙනිදා

13 February 2020

කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළද කලාපයේ රදවා ඇති එංගලන්තයෙන් මෙරටට ආනයනය කළ කසළ කන්ටේනර් නැවත එංගලන්තයටම ප්‍රතිඅපනය කිරීමට දෙරටේ බලධාරීන් මේ වන විට සාකච්ඡා කරන බව නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්හ. එංගලන්ත බළධාරීන් පවසන්නේ මෙම කන්ටේනර් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය එම ප්‍රතිඅපන ක්‍රියාවලිය සදහා බාධාකාරී විය හැකි බවයි. ඒ අනුව එම අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙසට නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව අපද්‍රව්‍ය සහ කැළිකසල අඩංගු කන්ටේනර් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීන්දුව මාර්තු මස 4 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්හ. පරිසර යුක්ති කේන්‍ද්‍රය විසින් ගොණු කළ රිට් පෙත්සමපෙත්සමකට අදාළව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබ අතර නීති විරෝධී ලෙස මෙම කැළි කසල මෙරටට ආනයනය කළ පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීමට බලධාරීන් මේ දක්වා අපොහොසත් වී ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටියි.
 

More News..