brand logo

එංගලන්ත ඉනිම 285ට සීමාවෙයි

14 November 2018

ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 285 ක් රුස්කර ගත්තා. කාසියේ වාසිය දිනාගෙන මහනුවර පල්ලේකැලේ තණතිල්ලේ මුලින්ම පන්දුවට පහරදීමටයි එංගලන්ත නායකයා තීරණය කළේ. එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් සෑම් ලකුණු 64ක් සහ ජොස් බට්ලර් ලකුණු 63ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කඩුළු 5ක් දවාගැනීමට සමත් වූ අතර, මලින්ද පුෂ්පකුමාර කඩුළු 4ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව සුරංග ලක්මාල් සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් දවාගත්තා. ඒ අනුව  ශී‍්‍ර ලංකා කණ්ඩායම පිළිතුරු ප‍්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදෙනු ඇති.
 

More News..