brand logo

එංගලන්තේ කුණු ආපසු යවයි

28 September 2020

රේගු සහ පාරිසරික නීති රීති උල්ලංඝනය කරමින් ඉකුත් 2017 වසරේදී එංගලන්තයේ සිට ආනයනය කරන ලද කසළ බහාලුම්වලින් විසිඑකක් නැවතත් එරටට ප්‍රතිනැව්ගත කළ බව රේගුව සඳහන් කරයි. එංගලන්තයේ සිට නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බහාලුම් දෙසිය හැටතුනක් මෙරටට ආනයනය කර තිබූ අතර ඒවා කොළඹ වරායේ සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගොඩගසා තිබුණි. මෙම බහාලුම් අතරින් විසි එකක් SEAMAX NORWALK, (V/039R) නැමැති නැවට පෙරේදා (26 වැනිදා) සවස පටවා එංගලන්තයට පිටත්කර යැවූ බව රේගුව පවසයි. අනෙකුත් කසළ බහාලුම් දෙසිය හතළිස් දෙකක් සම්බන්ධව මෙරට අධිකරණයේ නඩුවක් විභාග වේ. එම කසළ බහාලුම් අතරින් එකසිය දොළහක් කොළඹ වරායේ සහ තවත් එකසිය තිහක් කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ ගොඩගසා තිබේ. සාලිය කුමාර ගුණසේකර
 

More News..