brand logo

එංගලන්තෙ එන්නත් පොදි ගහනවා

01 February 2021

එක්සත් රාජධානියේ කොවිඩ් එන්නත් අවශ්‍යතාව කෝටි පහළොවක් වුවත් මේ වන විට ඔවුන් එන්නත් තිස් හත් කෝටියක් මිලට ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇතැම් රටවල් එන්නත් මිලදී ගන්නා නිසා සෙසු රටවලට එන්නත ලැබීමේ ප්‍රමාදයක් සිදු විය හැකි යැයි ද ඒ මහතා කීවේය. රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ නුගේගොඩ දී ඊයේ (31 වැනිදා) පැවති මහජන සංවාදයක් අතරතුර දී ය. මෙම තත්ත්වය මත එම රටවලින් එන්නත වෙනත් රටවලට පිට කිරීම අඩු වී තිබෙන බවත් ඉන්දියාවට චීනයට ස්තුතිවන්ත වෙන්න දැනට අපට එන්නත් ලක්ෂ අටක් ලැබී තිබෙන බවත් ඒ මහතා කීවේය. “මේ වයිරසයට මුහුණ දෙන ගමන් මින් ඉදිරියට එන වයිරස් යුද්ධයට අප මුහුණ දෙන්න සූදානම් විය යුතුයි. වයිරස් රෝග පර්‌යේෂණ මධ්‍යස්ථානයක් අපට නැහැ. එවැනි මධ්‍යස්ථානයක් ඇති කරන ලෙස මම ආණ්ඩුවට යෝජනා කරනවා. කලාපයේ හොඳම වයිරස විද්‍යා පර්‌යේෂණ ආයතනය තිබෙන්නේ ඉන්දයාවේ පූනේවල. එම ආයතනය සමග සම්බන්ධ වී කටයුතු කළ යුතුයි. ඒ වගේම වසංගත රෝග පාලන මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි. එහෙම නැතුව අපිට ඉදිරියට යා නොහැකියි” යැයි ද රනිල් වික්‍රමසිංහ කීවේය. නිලන්ත මදුරාවල
 

More News..