brand logo

එංගලන්තෙට යන ලාංකිකයන්ට නිරෝධායනය කරන්න අවශ්‍ය නැහැ

20 November 2020

ශ්‍රී ලංකාව ,ඊශ්‍රායලය, උරුගුවේ යන රටවල් ඊයේ (19) එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර ඇතයි රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. එම රටවල් තුන සහ නැමීබියාව, රුවන්ඩාව, බොනෙයා, ශාන්ත යූස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා දූපත් සහ එක්සත් ජනපද වර්ජින් දූපත් වල සංචාරකයින්ටද හෙට දින (21) සිට එංගලන්තයට පැමිණෙන විට තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියකට ලක්වන්නට අවශ්‍ය නොවනු ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් මෙම සතිය තුළදී කිසිදු රටක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බව බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් මහතා සඳහන් කර තිබේ.
 

More News..