brand logo

එංගලන්තය සහ කොදෙව්වන් අතර සටන අද පස්වරුවේ

14 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගය. එම තරගය සව්ත්හැම්ප්ටන් හි The Rose Bowlහි පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. සත්කාරක එංගලන්ත කණ්ඩායම මේ වන විට තරග ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 6වන ස්ථානයේ පසුවේ. එංගලන්තය තරග 3කට සහභාගි වී ඉන් තරග දෙකක් ජයගෙන එක් තරගයක් පමණක් පරාජයට පත්වී ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටී. කොදෙව්වන් තරග 3කට සහභාගි වී එක් තරගයක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන සිටී.
 

More News..