brand logo

එංගලන්තය ශ්‍රී ලංකාවට බෑ කියයි

13 March 2020

කෝවිඩ් 19 (කොරෝනා) වෛරස් අවධානම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරග දෙක මෙලෙස අත්හිටවනු ඇති. ලබන 19 වැනිදා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, කොළඹ එස්.එස්.සී. පිටියේදී දෙවන තරගය පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් එම තරග දෙකට පෙර ඊයේ (12) සිට ලබන 15 දින දක්වා එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමග තරගය අද දෙවන දිනට පැවැත්වෙමින් තිබූ අතර, අද පස්වරුවේ ඔවුන් මෙම තීරණය ගනු ලැබුවේය.
 

More News..