brand logo

එංගලන්තය ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

04 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 119කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 305ක් රැස්කර ගත්තේය. එංගලන්ත පිල වෙනුවෙන් ජොනී බයර්ස්ටෝව් ලකුණු 106ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව ජෝයි රූට් ලකුණු 60ක් ලබාගත්තේය. අනතුරුව පිටයට පැමිණි නවසීලන්ත පිල පන්දුවාර 45කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 186ක් පමණීයි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. නවසීලන්තය තවදුරටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා නැත.
 

More News..