brand logo

එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

12 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 223ක් රැස්කර ගත්තේය. ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 85ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 32යි එක් පන්දුවකදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 226ක් රැස්කරගෙන තරගය ජය ගත්තේය. එංගලන්ත පිල වෙනුවෙන් ජේසන් රෝයි ලකුණු 85ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව රෝයි රූට් නොදැවී ලකුණු 49ක් සහ ඔයින් මෝගන් නොදැවී ලකුණු 45ක් ලබාගත්තේය. මෙම තරගයේදී ලැබූ ජයග්‍රහණයත් සමග එංගලන්ත පිල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මහා තරගයට සුදුසුකම් ලැබීය.
 

More News..