brand logo

එංගලන්තය පළමු දිනයේදී කඩුළු 3ට ලකුණු 354යි

12 March 2020

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සදහා තරගය අද (12) කොළඹ පී. සරා ඕවල් පිටියේදී පැවැත්විණි. දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 354ක් රැස්කර ගෙන සිටියේය. සැක් ක්‍රෝලි ලකුණු 105ක් ලබාගැනීමට සමත් විය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි නායක ජෝයි රූට් ලකුණු 90ක් සහ ඔලී පෝප් ලකුණු 84ක් රැස්කර ගෙන සිටියේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ෂිරාස්, ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්තේය. හෙට (13) තරගයේ දෙවන දිනයයි.
 

More News..