brand logo

එංගලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය ජයගනී

02 November 2019

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් වුණි. ඒ අවසන් මහා තරගයේදී ලකුණු 32ට 12 ක් ලෙස එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි. අවසන් මහා තරගය ජපානයේ යොකොහාමාහිදී පැවැත්විය. පළමු අර්ධය අවසන් වන විට ගෝල 12ට 06ක්ලෙස දකුණූ අප්‍රිකාණු කණ්ඩායම ඉදිරියෙන් පසුවුණි. සම්පුර්ණ කාලය අවසන් වනවිට ලකුණු පුවරුව දැක්වුණේ ගෝල 32ට 12ක් ලෙස දකුණු අප්‍රිකාවට ජය ගෙන දෙමින්. දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත් 3 වන අවස්ථාව මෙයයි.
 

More News..