brand logo

එංගලන්තය දෙවැනි ඉනිමට කඩුළු 9ක් දැවී ලකුණු 324ක් රැස්කරයි

16 November 2018

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය තුන්වැනි දිනය සදහා මේ වන විට තරගය නතර කර තිබෙනවා. දිනය නිමාවන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය කඩුළු 9ක් දැවී ලකුණු 324ක් ලබාගෙන සිටියා. එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ජෝයි රූට් ලකුණු 124ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අකිල ධනංජය කඩුළු 6ක් දවාගැනීමට සමත් වුණා. එංගලන්තය පළමු ඉනිම සදහා ලකුණු 290ක් ලබාගත් අතර, ශී‍්‍ර ලංකා පිල පිළිතුරු පළමු ඉනිම සදහා ලකුණු 336ක් ලබාගැනීමට සමත් වුණා. හෙට තරගයේ සිව්වැනි දිනයයි.
 

More News..