brand logo

එංගලන්තය ටෙස්ට් තරගාවලිය ජයගනී

25 January 2021

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය. ඒ කඩුළු දෙකකින්. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 381ක් රැස්කර ගත් අතර, එංගලන්ත පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුනු 344ක් පමණියි. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් රැස්කර ගත් අතර, ඒ ඇන්ජලෝ විසින් වාර්තා කළ 11 වන ටෙස්ට් ශතකය ද වේ. එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් නායක ජෝයි රූට් ලකුණු 186ක් රැස්කර ගැනීමට සමත් විය. ලසිත් ඇඹුල්දෙණිය පළමු ඉනිමේදී එංගලන්ත පිලේ කඩුළු 7ක්ම දවා ගත්තේය. අනතුරුව දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණියි. එහිදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 40ක් රැස්කර ගැනීමට සමත් විය. ලකුණු 164ක අභියෝගයක් භාර ගනිමින් පිටියට පැමිණි එංගලන්ත පිල කඩුළු 4ක් දැවී සිටියදී ලකුණු 164ක් ලබා ගනිමින් දෙවන ටෙස්ට් තරගයේ ද ජය වාර්තා කළේය. ඒ අනුව සංචාරක එංගලන්ත පිලට තරගාවලියේ ජය හිමිවිය. ඉතිහාසයේ කිසිදු විටක ශ්‍රී ලංකා කණ්ඩායම ගාලු පිටියේදී පිට පිටම ටෙස්ට් තරග දෙකක් පරාජය වී නොමැති අතර, මෙවර එය ද සිදුවීම විශේෂ සිදුවීමක් බවට පත්ව තිබේ.
 

More News..