brand logo

එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන එයි

24 June 2020

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 154දෙනෙකු ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ඔවුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරණ විශේෂ ගුවන් යානයෙන් දහවල් 1.00ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි. මෙම ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන් තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායනය මධ්‍යස්ථාන වෙත රැගෙස ගොස් තිබේ.
 

More News..