brand logo

නවසීලන්තයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 659ක අභියෝගයක්

28 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සදහා නවසීලන්ත කණ්ඩායම විසින් කඩුළු 4ක් දැවී ලකුණු 585ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 659ක් ලබාගත යුතු වනවා. නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ටොම් ලතැහැම් ලකුණු 176ක ලබාගැනීමට සමත් වුණා. හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 162ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුළු දෙකක් දවාගැනීමට සමත් වුණා. ඊට අමතරව දිල්රුවන් පෙරේරා සහ දුෂ්‍යමන්ත චමීර එක් කඩුල්ල බැගින් දවාගත්තා. මෙම තරගයේ පළමු ඉනිම සදහා නවසීලන්තය ලකුණු 178ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 104ක් පමණයි. තරගයේ තෙවන දිනය වන අද දිනයේ මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 659ක අභියෝගයක් ලැබී තිබෙනවා.
 

More News..