brand logo

එංගලන්තයට විශිෂ්ඨ ජයක්

19 June 2019

ලෝක කුසලාන ක්‍රිකටි තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය ලකුණු 150කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 397ක් ලබාගත්තේය. එංගලන්තය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ නායක ඉයන් මෝර්ගන් පන්දු 71කදී දැවැන්ත හයේ පහර 17ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 148ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 248ක් පමණීයි. ඒ අනුව එංගලන්තයට ලකුණු 150ක ජයක් හිමිවිය.
 

More News..