brand logo

එංගලන්තයට තවත් පරාජයක් - ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක්

26 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්තය සමග පැවැති තරගය ලකුණු 64කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 285ක් රැස්කරගෙන සිටියේය. ආරෝන් ෆින්ච් ශතකයක් වාර්තා කිරීමට ද එහිදී සමත් විය. ඊට අමතරව ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිල පන්දුවාර 44යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 221ක් පමණීයි. එංගලන්ත පිල වෙනුවෙන් බෙන් ස්ටොර්ක් ලකුණු 89ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ජේසන් බෙරන්ඩෝෆ් කඩුළු කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව මිචෙල් ස්ටාර්ක් කඩුළු 4ක් දවා ගත්තේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇරෝන් ෆින්ච් හට තරගයේ වීරයා සම්මානය හිමි විය.
 

More News..