brand logo

එංගලන්තයට ජය

13 October 2018

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වුනු දෙවැනි එක්දින තරගයේ ජය එංගලන්ත කාණ්ඩයම හිමි විය.

ඒ ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය අනුවයි.

තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියේය.

ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171 ක් රැස්කළ යුතුව තිබිණ.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජය හිමි විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය.

ලසිත් මාලිංග ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

 

More News..