brand logo

ඌව පළාතේ රජයේ සියලු වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

03 April 2019

ඌව පළාතේ රජයේ සියලු වෛද්‍යවරු අද (03) වැඩ වර්ජනයක නිරත වෙති. ඒ දෙමෝදර දිසා රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීම හා ඒ පිළිබඳව ගැටලුවේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ක්‍රියා කළ ආකාරයට විරෝධය පළ කරමිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ ගැටලුව පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කළ ද විසඳුමක් නොලැබුණු බව ය. මේ අතර දෙමෝදර ප්‍රාදේශීය රොහල වසා දමා එහි කාර්ය මණ්ඩලය බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට වාර්තා කර තිබේ. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා පැවසුවේ, ඒ පිළිබඳව තමන් දැනුවත් කර ඇති බව ය. රෝහලේ නිල නිවාසයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
 

More News..