brand logo

ඌව ආණ්ඩුකාරවරයා අවිධිමත් පත්වීම් අවලංගු කරයි

02 September 2020

ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියට අනුමත නොමැති ධාවන කළමණාකරු නැමති තනතුරකට පුද්ගලයෙකු පත්කිරීමට විරෝධය පාමින් එහි සේවකයින් 128 දෙනෙකු පමණ 02 දින වැඩ වර්ජනයක නිරතව සිට පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට කරුණු දැක්වීමෙන් පසු එම තනතුර අත්හිටුවීමට ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ. පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සේවක වෘත්තීය සමිති සභාපති ඒ.එස් දසනායක මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් ආණ්ඩුකාරවර කාර්යාලයට ගොස් එහි වාහන වලට පිටවීමට නොදි වෘත්තීය සමිති සභාපතිවරයා බිම දිගාවී සිටින අතරතුර එම පිරිස සමග සාකච්ජා කළ ආණ්ඩුකාරවරයා තනතුර අත්හිටුවීමට කටයුතු කර තිබේ. පළාත් සභාවේ තිබෙන ප්‍රවාහන සේවා අධිකාරි කාර්යාලයේ නිළධාරීන්, බස් නැවතුම්පොළ කාර්ය්‍ය මණ්ඩල නිළධාරීන් සහ බස් රථ පරීක්ෂක නිළධාරීන් මෙම වැඩ වර්ජනයට එක්විය. කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත නොමැති ධාවන කළමණාකරු නැමති තනතුරකට පත්කළ පුද්ගලයාට කිසිදු සුදුසුකමක් නොමැති බවත් සම්මුඛ පරීක්ෂණ හෝ කිසිදු සහතිකයක් නොගෙනපත්වීමක් පමණක් ලබා දී තිබෙන්නේ හිටපු ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත බව වෘත්තීය සමිති සභාපතිවරයා කීය. මේ පිළිබදව ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතාගෙන් විමසු විට කියා සිටියේ ධාවන කළමණාකරු නමැති තනතුර අත්හිටුවීමට ආණ්ඩුකාරවරයා කටයුතු කළ බවයි. අමිල ක්‍රිෂාන්ත - පස්සර  
 

More News..