brand logo

ඌව ආණ්ඩුකාරවරයාගේ දියණිය බ්‍රිතාන්‍ය මැතිවරණයට

15 February 2021

    ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය බ්‍රිතාන්‍යයේ මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව තිබේ. මේ අනුව ෂස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් මාර්තු 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වනවා. එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් එම්. බී. ඒ උපාධිය හා එරට විවෘත විශ්ව විද්‍යාලෙයන් ඒම්. එස්. සී සංවර්ධන කළමනාකරණ උපාධි කිහිපයක් හදාරා තිබෙනවා. ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ සේවිකාවක ලෙස ද ඇය කටයුතු කරනු ලබනවා.
 

More News..