brand logo

ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

03 January 2021

  ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව හිමිව ඇත. මේ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබේ. මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පුජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ‍T56 ගිනිඅවි දෙකක් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ලවී තිබුණ අතර ඒ අනුව පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේට එරෙහිව දඬුවම් නියම කෙරුණා. සමව දීමට අදාලව ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා. කෙසේ වුවද මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
 

More News..