brand logo

ඌරෙක් තව බිම් ඌරෙක්ට අල හාරලා දෙන්නේ නැහැ තමන් අලේ හාරගෙන කන්න දැනගන්න ඕනේ

17 January 2019

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයන් පිළිබදව දැන්මම කතාකිරීමට අවශ්‍ය නොමැති බවයි. එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග එකතුවන්නේ නැතිද යන්න පිලිබදව, ඊට පිළිතුරුදෙමින් දයාසිරි ජයසේකර මහතා මෙලෙස කියා සිටියා. "වෙන්වෙලා ඉන්න එක හොදයි එතකොට එකතුවෙන්න තියෙන උවමනාව වැඩියිනේ. කවුරු මොනවා කිව්වත් මේ රටේ වමේ මිනිස්සුන්ට, අපේ ආණ්ඩුවක් බලාපොරොත්තුවන මිනිස්සුන්ට අපි එකතුවෙලා යන්නේ නැතිව මේ වැඩේ කරන්න බැහැ කියලා බොහොම පැහිදිලිව පේනවා. ඒකෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය අපි තියා ගන්න ඕනේ. පොදුජන පෙරමුණේ අනන්‍යතාවය ‌එගොල්ලන් තියාගන්න ඕනේ. ඉතිං එතකොට තමයි එකතුවීම ශක්තිමත් වෙන්නේ. අර කතාවක් තියෙන්නේ එක ඌරෙක් තව බිම් ඌරෙක්ට අල හාරලා දෙන්නේ නැහැ කියලා. තමන් අලේ හාරගෙන කන්න දැනගන්න ඕනේ."
 

More News..