brand logo

ඌරු මස් ප්‍රශ්නයක් දුරදිග යාමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු පොලිස් පරික්ෂකවරයෙකුට පහරදෙයි

28 February 2019

නුවරඑලිය පිහිටි උසස් පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය භාරව කටයුතු කරන පොලිස් පරික්ෂකවරයෙකුට පොලිස් සුභ සාධාන අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වශයෙන් කටයුතු කරන ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් පරික්ෂකවරයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් පරික්ෂකවරයා අද (28) නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් වි නේවාසිකව ප්‍රතිකාර ලබයි. පොලිස් දෙපාර්තුමේන්තුවේ ගොඩනැගිලි කෙට්ඨාශයට සේවය කරන පොලිස් පරික්ෂක දයානන්ද අලහපෙරුම මහතා (59) මහතායි මෙසේ රෝහල ගත වි සිටින්නේ. දයානන්ද මහතා නුවරඑලියේ පිහිටි උසස් පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය භාරව කටයුතු කරනු ලබයි. පොලිස් සුභ සාධන අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන ජෙෂ්ඨ පොලිස් අධිකාරි දමයන්ත විජය ශ්‍රි මහතා ඉකුත් 25 වෙනි දින ඔහුගේ පවුලේ සමාජිකයන් සමග නිවාඩු නිකේතනයට පැමිණි බවත්, ඊයේ (27) පස්වරුවේ පොලිස් අධිකාරිවරයා තමන්ට ඌරු මස් කිලෝවක් ගෙනවිත් දි එම ඌරු මස්වලින් ග්රුම් 500 ක් රාත්‍රි ආහාරය සදහා පිලියෙල කර දෙන ලෙස ඉල්ලිමක් කල බවයි පොලිස් පරික්ෂක දයානන්ද අලහපෙරුම මහතා කියා සිටින්නේ. ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලිම මත නිවාඩු නිකේතනයේ මුළුතැන්ගේ සේවය කරන පොලිස් නිලධාරින් ලවා එය පිලියෙල කර රාත්‍රි ආහාරය සදහා මේසයේ තැබු බවත්, මද වේලාවකින් පසු ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මුළුතැන්ගෙයට පැමිණ පිලියෙල කල ඌරු මස් ප්‍රමාණය අඩු බවත්, පිලියෙල කරන ලද ඌරු මස් මුළුතැන්ගේ සේවය කරන පොලිස් නිලධාරින් ආහාරයට ගෙන ඇති බවත් චෝදනා කරමින් තමන්ට පහර දුන් බවයි පොලිස් පරික්ෂක දයානන්ද අලහපෙරුම මහතා කියා සිටින්නේ. උසස් පොලිස් නිලධාරින් තමන්ට පවරන ඕනැම රාජකාරියක් නිසි ලෙස ඉටු කරන බවත්, එම නිලධාරින් නිවාඩු නිකේතනයට රැගෙන එන ආහාර පාන කිසිවක් තමන් හෝ තමන් භාරයේ කටයුතු කරන නිලධාරින් ආහාරය සදහා ලබානොගන්නා බවයි දයානන්ද අලහපෙරුම මහතා කියා සිටින්නේ. මෙම පහර දිම සම්බන්ධයෙන් තමන් භාරව සිටින නියෝජ්‍යය පොලිස් පතිවරයාට පැමිණිලි කල බවත්,මෙම පහර දිම සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂනයක් පවත්වන ලෙසයි දයානන්ද අලහපෙරුම මහතා ඉල්ලා සිටින්නේ
 

More News..