brand logo

ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරුට

12 May 2021

කඩුවෙල කේන්ද්‍ර කරගත් පාතාල නායක “ඌරු ජුවා" හෙවත් දිනිත් මිලාන් මාඹුල නවගමුව වදුරම්මුල්ලේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු එම ස්ථානයට ගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකින් ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා සඳහන් කරයි. මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි.
 

More News..