brand logo

උ/පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇති බවට පැතිර යන කතාව බොරුවක්

04 May 2021

2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය හා බොහෝ ප්‍රවෘත්ති වෙබ් අඩවි ඔස්සේ පලවන තොරතුරු අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව කියයි. මේ වන විට ප්‍රතිඵල නිකුත් වී ඇති බවට වෙබ් අඩවි ඔස්සේ ඵල කර ඇති ප්‍රවෘත්ති පිළිබද අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු මේ බව සඳහාන් කළේය. මේ වන විට ප්‍රතිඵල ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද දින(04) නිකුත් කිරීමට නියමිතය.
 

More News..