brand logo

උ.පෙළ ප්‍රතිඵල අනුව එක්ලක්ෂ තිස්හය දහසකට සරසවි වරම් නොලැබේ

12 January 2019

නිකුත් කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ එක්ලක්ෂ තිස් හයදහස් හත්සිය දාහතර දෙනකුට (136714) සරසවියට ඇතුළු වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරන ආකාරයට මෙවර විශ්වවිද්‍යාල 15ක් සඳහා සිසුන් තිස් දහස් එකසිය පනස් අටදෙනකු (31158) ඇතුළත් කර ගනී. මෙරට උසස්පෙළ විභාගයට තුන්ලක්ෂ විසිඑක්දහස් හාරසිය හැට දෙකක් (321462) පෙනී සිටියේය. එහෙත් 2017 වර්ෂයට සාපේක්ෂව සිසුන් හයසිය හතළිස් පස්දෙනකු (645) වැඩිපුර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය. ඒ අනුව 2017 වර්ෂයේදී විශ්වවිද්‍යාලයට අැතුළත් කර ගෙන ඇත්තේ සිසුන් තිස්දහස් පන්සිය දහතුන (30513)කි. චමින්ද සේනාරත්න
 

More News..