brand logo

උසේන් බෝල්ට්ගේ වාර්තාව කැඩු ගොව්දා ඔලිම්පික් පෙරහුරුවට බෑ කියයි

18 February 2020

ගවයින් සමග පැවති ධාවන තරගයකදී ලෝක කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ගේ මීටර් 100 වාර්තාව සම කළ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සිරිනිවාස් ගොව්දා ඔලිම්පික් තරග පෙරහුරුවකට කර ඇති ආරාධනය ප්‍රතික්ෂේප කර තිඛේ. මළල ක්‍රීඩා පිටියේ මෙන් නොව කම්බාලා සැණකෙලියේ ධාවනයට එක්වීම පුජනීය බව අදාල ඇරයුම ප්‍රතික්ෂේප කරමින් මෙම තරුණයා පවසා ඇත. තමන්ට මෙලෙස ධාවනයේදී යෙදීමට සහය වු මී ගවයින් දෙදෙනාටද සිරිනිවාස් ගොව්දා ස්තුතිය පළ කර තිඛේ. පසුගියදා පැවති කම්බාලා සැණකෙලියේ පැවති ගව ධාවන තරගයේ ගොව්දා විසින් මීටර් 142 ක දුරක් තත්පර 13 කින් නිම කර තිබුණා. ලෝක ශූර  උසේන් බෝල්ට් මීටර් 100 ක ඉසව්ව නිම කර තිබුණේ තත්ත්පර 9 යි දසම 5 යි 8 කින්. ඒ අනුවයි ඉන්දිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ධාවන පතයේ පෙරහුරුවක් සඳහා එක්වන ලෙස මෙම තරුණයාට ආරාධනා කර තිබුණේ.
 

More News..