brand logo

උසස් පෙළ සිසුන්ට විශේෂ දුම්රිය සහ ලංගම බස් රථ

12 October 2020

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවාහනය සඳහා එම විභාගය පැවැත්වෙන කාලය තුළ (ලබන මස 6 වැනිදා දක්වා) විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන ඇත. මෙම දුම්රිය ගමන් වාර ඊයේ (11 වැනිදා) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේය. දැනට ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල දුම්රිය ස්ථානවලද මෙම දුම්රිය ක්‍රියාත්මක වන අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට තම විභාග ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම දුම්රියට ඇතුළුවිය හැකිය. එම සිසුන් සඳහා පමණක් සෑම දුම්රියකම මැදිරි දෙකක් වෙන්කර ඇත. මේ අතර අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් දිවයින පුරා බස්රථ ධාවනය විශේෂ සැලැස්මක් සහිතව සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඒ.එච්. පණ්ඩුක පැවැසීය. දිස්ත්‍රික්කයේ ස්ථාපිත නව විභාග මධ්‍යස්ථාන 12කට සහ අනෙකුත් විභාග මධ්‍යස්ථාන සඳහා බස් රථ 20ක් වෙන්කොට ඇති බවද හෙතෙම කීවේය. ඒ අනුව එම බස් සේවාව මගින් දුම්රිය ස්ථානවල සිටද සිසුන් ආරක්ෂාකාරීව අදාළ විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන අතර විභාගය අවසන් වූ පසුවද එම බස් රථ සේවා එලෙසම ක්‍රියාත්මක වේ. චාමර පල්ලේගෙදර ශිරන්තනි මානවඩු
 

More News..