brand logo

උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

08 January 2021

උසස් පෙළ විභාගය 2020ට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ මේ වන විට අරඹා ඇති අතර විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බවයි. එබැවින් නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිටින සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වැඩි දුර විමසීමක් අවශ්‍ය නම් දුරකථන අංක - 0112 784 208, 0112 784 537, 0113 188 350 හෝ 1911
 

More News..