brand logo

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය

01 July 2019

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර ඇත. අත්‍යාවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණක මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයනට ප්‍රවේශවීම වැළැක්විය යුතු බව ද ජනාධිපතිවරයා යෝජනා කර ඇති අතර අධ්‍යාපන කටයුතුවලින් පරිභාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. එම යෝජනාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වුයේ ද මෙවන් ව්‍යාපෘතියක් ජාතික පාසල්වලින් ආරම්භ කළ යුතු බවයි. පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා රුපියල් බිලියන පහ මාරක මුදලක් වෙන් කර තිබි ඇත.එහිදී ජනාධිපතිතුමාගේ යෝජනාව වී ඇත්තේ මෙම මුදලෙන් නියමු ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබා ගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල විශාල අඩුපාඩුවක්ව පවතින ඩෙස් පුටු ඇතුළු අනෙකුත් උපකරණ ලබා ගැනීමට යොදවන ලෙසටය. මෙම නියමු ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුදල කොපමණද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව වි ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය සඳහා 2017 වසරේ කැඳවන ලද ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියට අනුව වෙනස් විය යුතු බවත් පාසල් දරුවන්ට නව තාක්ෂණය සමඟ දැනුම ලබා දීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමාගේ අදහස බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
 

More News..