brand logo

උසස් පෙළ සැප්තැම්බරයට

27 May 2020

උසස් පෙළ විභාගය ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීම කෙරෙහි විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව දැනටමත් මේ බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. පාසල් ආරම්භ කිරීමෙන් පසු උසස් පෙළ සිසුන් වෙනුවෙන් දින 85ක කාලයක් පාසල් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. මාර්තු මස 13 වැනිදා පාසල් වසා දැමීමෙන් පසු මේ දක්වා අහිමි වූ දින ගණන වෙනුවෙන් මෙම දින 85 යෝජනා වී තිබේ. එම අහිමි වූ දින උසස් පෙළ සිසුන් සඳහා ලබා දුනහොත් සැප්තැම්බර් මාසයට කලින් විභාගය කිසිසේත් ම පැවැත්විය නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවත් එහි ආරංචි මාර්ග කීවේය. සැප්තැම්බර් මාසයේ දී උසස් පෙළ විභාගය පැවැත්වුවහොත් යළිත් මාසයක කාලයක් පාසල් වසා දැමීමට සිදු වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති නමුත් විභාගය පැවැත්වීම සඳහා පාසල් වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. නිලන්ත මදුරාවල
 

More News..