brand logo

උසස් පෙළ වෘත්තීය විෂය ධාරා අයදුම්කරුවන්ට නිවේදනයක්

07 July 2020

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත. මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කරයි. එමෙන් ම ඒ ඒ පළාත්හි වෘත්තීය විෂය ධාරාව සහිත පාසල්වල පවත්නා වෘත්තීය විෂයයන් පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක අමතා පළාත් සම්බන්ධීකරණ නිලධාරීන් වෙතින් ද ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසු දරුවෙකුට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති වෘත්තීය විෂයයන් 26ක් අතුරින්, තමා වඩාත් ප්‍රියකරන වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීමට ද සිසු දරුවන්ට මේ යටතේ හැකියාව ලැබේ. දිවයින පුරා සෑම අධ්‍යාපන කළාපයක් ම නියෝජනය වන අයුරින් පාසල් 311ක මේ වනවිටත් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර මේ වසරේ සිට සෑම අධ්‍යාපන කොට්ඨාසයක් ම නියෝජනය වන අයුරින් තවත් පාසල් 112ක වෘත්තීය විෂය ධාරාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම වෘත්තීය විෂයධාරාව හදාරන සිසුන් වෙත තමන් තෝරාගන්නා වෘත්තීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධව පාසල තුළ න්‍යායික පුහුණුවක් ද වෘත්තීය ආයතනයක් හා සම්බන්ධ වෙමින් රැකියාගත පුහුණුවක් ද අධ්‍යයන කාලසීමාව තුළ ලබා දෙනු ලැබේ. ජාතික වෘත්තීය පුහුණු නිපුනතා 4 වැනි මට්ටම (NVQ Level 4) සහතිකය ද, උසස් පෙළ සමත් බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ප්‍රවීණතා සහතිකය ද වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සෑම සිසුවෙකුට ම හිමිවේ. එමෙන් ම වෘත්තීය පුහුණුවට යොමුවන කාලසීමාව තුළ සිසුන්ගේ දෛනික පැමිණිම අනුව දිනකට රුපියල් 500/-ක් බැගින් වන දීමනාවක් ද හිමිවේ.
 

More News..