brand logo

උසස් පෙළ විභාගයේ ප්‍රතිපල වලින් විශිෂ්ඨතමයින් මෙන්න

28 December 2019

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල වලට අනුව නව විෂය නිර්දේෂය යටතේ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ සිහාන් ෆොන්සේකා සිසුවා විසින් හිමි කර ගෙන ඇත. එමෙන්ම, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උවිදු ප්‍රවීන් සුමනසේකර සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇත. ඔහු 2013 සහ 2011 වර්ෂවල ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියේ න්‍යායත්මක් අංශයේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා රන්පදක්කම හිමිකර ගෙන ඇති බව වාර්තා වන අතර පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් සිසුවා විසින් හිමිකරගෙන ඇත. එමෙන්ම නව විෂය නිර්දේෂය යටතේ කලා අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ තෙෂාණි වැලිගමගේ සිසුවිය විසින්. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය උසස් පෙළ විභාගයේ දිවයිනෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන ඇත. ඒ අනුව විනුර ඔසද ගාල්ලගේ සිසුවා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ද පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ සිසුවාද හිමකර ගෙන ඇත. විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන සිසුවිය විසින්. කොළඹ බිෂොප් විද්‍යාලයේ ටෙෂානි නිම්සරා හෙට්ටිගේ සිසුවිය නව විෂය නිර්දේශයෙන් මෙවර උසස් පෙළ විභාගයේ වානිජ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ. වානිජ විෂය පැරණි නිර්දේශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යායේ නිරෝෂන් සඳරුවන් ජාසිංහ සිසුවා සමත් වි ඇත.
 

More News..