brand logo

උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කරන දිනය ළඟදීම

13 September 2020

පසුගිය 2019 උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ කඩඉම් ලකුණු ලබන මස මුල් සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර කඩඉම් ලකුණු ලබාදීම ප්‍රමාද වූ බවයි. මේ නිසා 2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් කෙරුණු අතර විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීම සඳහා වන Z ලකුණු මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් උසස් පෙළ සමත් වූ සිසුන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ කඩඉම් ලකුණු සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ලබන සතිය තුළ දී එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවකි.
 

More News..