brand logo

උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම හෙට සිට online ක්‍රමයට

11 May 2020

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව, www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුය.
 

More News..